hit counter

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2024 අගෝස්‍තු 13, පෙ.ව. 11:51



2024 පැරිස් ඔලිම්පික් උලෙළ නිමාව දුටුවේ ප්‍රබල අමෙරිකාව සමඟ ආසියාවේ බලවත් රටක් වන චීනය රන් පදක්කම් අනුව සම තත්ත්වයකට පත් වෙයි.

දෙරට රන් පදක්කම් 40 බැගින් ලබා ගත්තාය.

නමුත් සමස්ත පදක්කම් 126ක් දිනා අමෙරිකාව ඉදිරියට පැමිණි අතර, චීනය සමස්ත පදක්කම් 91ක් දිනා ගත්තේය.

සත්කාරක ප්‍රංශය පදක්කම් සටහනේ 5 වැනි ස්ථානයට පත් වෙමින් පදක්කම් 64ක් දිනා ගත්තේය.

රටවල් 206ක් සහභාගී වූ මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ කිසිඳු පදක්කමක් දිනා නොගත් රටවල් ගණන 122කි.

ශ්‍රී ලංකාව ඇතුළු එම රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගිත්වයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.