hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 17, ප.ව. 7:17



වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි පැය 24ක කාලය සඳහා අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත් හා ගාල්ල, මාතර, මහනුරව, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ක පමණ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

තද වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුර අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.