2024 අගෝස්තු 24, පෙ.ව. 12:02
හිරු ස්ටාර් වැඩසටහන අතරතුර ගායක රුවන් හෙට්ටිආරච්චි සහ අමල් පෙරේරා අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් ගැන අපි ඔබට මීට කලින් කිව්වා මතක ඇති.
තමන්ගේ කණ්ඩායමේ ගීත ගායනා කළ ශිල්පිණියෙකුට රුවන් සිදු කළ අසාධාරණ අමල් පෙරේරා කෝපයට පත් කරන්න හේතුවක් වුණා.
“මේකෙන් වෙන්නේ මුළු රටම ලෝකෙම දැනගන්නවා මට තිබ්බ ලෙඩේ මොකක්ද කියලා. මගේ ප්‍රෙශර් වැඩි වෙනවා මුන් ඒක කතා කරද්දි. එහෙම කරන්න ආවොත් කරන්න දෙන්නෙත් නෑ. එහෙම එකක් කරන්න බෑ මේකේ. ලකුණු හතක් දෙන්න බැරි වෙච්ච එකට සාධාරණීකරණය කරන්න එපා. මේක මාර ආතල්. මේ රණ්ඩුව දිගටම ගෙනියමු.” මේ අමල් රුවන් හෙට්ටිආරච්චිට ප්‍රතිචාර දක්වපු විදිය.
කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රුවන්ගේ බිරිඳ විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමට විවිධ සටහන් එකතු කර තිබුණා.
මේ අතර මෙවැනිම උණුසුම් තත්ත්වයක් මේ සතියෙත් ඇති වූ අතර එහිදී අමල් පෙරේරා ආවේගශිලිව අදහස් පළ කරලා තිබුණා.
පසුගිය සමයේ අමල් පෙරේරාට එල්ල වන මරණ තර්ජනයක් ගැන පසුගියදා අතිශය කතා බහට ලක් වුණා.
අමල් ඒ සම්බන්ධයෙන් ද මෙම අදහස් දැක්වීම අතරතුර සඳහනක් කළා.
තම තරඟකාරියට 50%ක හෝ ප්‍රතිශතයක් නොලැබීම ගැනයි අමල් කෝප ගත්තේ.
රුවන් තම තරඟකාරියට අසාධාරණයක් කරන බවත් තමන් සමඟ ඇති අමනාපයට දරුවන්ගෙන් පළි නොගන්න ලෙසත් අමල් මෙහිදී ඉල්ලීමක් කළා.
මේ අමල් කියූ කතාවයි.
“මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ. ඒ තරඟය විනිසුරුවන්ගේ නෙවෙයි. එහෙම වෙනවා නම් ඇත්තටම හුඟක් හොඳයි. එක එක දේවල් මේ ප්‍රෝග්‍රෑම් එක හරහා යනවනේ. රණ්ඩු කරන දේවල් පවා යනවා. ඉතින් මේක අස්සේදී එක එක්කෙනා එක එක විදියට අර්ථකතන දෙනවා. මේ මම කියන දේවලුත් බලපානවද මන්දා. ඒ කියන්නේ මම දැන් කාට කිව්වත්, නිරෝෂාට කිව්වත් මේ ඉන්න අනික් කෙනාට කිව්වත් මම මේක ගෙදර ගෙනියන්නේ නැහැ. තමන්ගේ කණ්ඩායමේ තරඟකාරයා වෙනුවෙන් පෙනී සිටිනවා ඇරෙන්න මම මගේ ටීම් එකේ 16 දෙනා ගැන විතරක් හිතන්නේ නැහැ. මම හැමෝම ගැන හිතනවා. මට ඕනේ මේගොල්ලන්ට අවබෝධයක් දෙන්න. මට මේක කරේ තියාගෙන දුවන්න බැහැ. අපිටත් තේරෙනවා. දැනෙනවා කෙනෙක් සිංග් කරද්දී. මෙහෙම කතා කරනකොට එක එක්කෙනා මේවට ආගිව්මන්ට් දෙනවනේ. එක්කෙනෙක් වැරදිකාරයෙක් කරනවනේ. වැරදිකාරයා කියන කතා වලට මිනිස්සු කැමති වෙන එකකුත් නැහැ. මේ දරුවාගේ වෝට් එක අඩු වෙන්න හේතුව මම වෙන්නත් පුළුවන්. මොකද හේතුව මම එහෙම කතා කිරීම. මෙතන තරඟය ප්‍රේක්ෂකයන්ට දීලා තියෙන්නේ. විනිසුරුවන් විදියට අපිව පරද්දලා වැඩකුත් නැහැ.
“එහෙම කරන්නත් බැහැ. මම මගේ පෞද්ගලික දෙයක් මේ කියන්නේ. දැන් මාව මේ සමාජය හදුන්වන්නේ එක එක ආකාරයට. ඒ හැමෝම ඒ හදුන්වලා දෙන්නේ තමන්ට තමන් දැනෙන පිළිවෙලට. එව්වා මම ඕනේ තරම් දැකලා තියෙනවා. මිනිස්සුන්ගේ මඩ මම ඕනේ තරම් කාලා තියෙනවා. නමුත් එහෙම කියලා මම වැටෙන්නේ නැහැ. අපිත් මේ ස්වභාවධර්මයත් එක්ක ජිවත් වෙන්නේ. මෙහෙම යනකොට අපිට මෙහෙම ඉන්න පුළුවන් වෙයිද? දැන් මෙච්චර දේවල් රටේ ලෝකේ සිද්ධ වෙනවා. ළඟ ඉන්න උනුත් කියනවා ඊළඟට උබ වෙන්න්න පුළුවන් කියලා මැරෙන්න ඉන්න එකා. එහෙමත් කියන එකේ අපිට එහෙම වෙන්නේ නැහැනේ. එහෙම සිතුවිල්ලක්වත් හිතන එකාට තමයි ඒ පිස්සුව තියෙන්නේ. මොකද හේතුව ඒ දේවල් මම විදලා තියෙනවා. මට මේ කෙල්ල ගැන දුකයි. මම හිතෙන්නේ නැහැ මේකට වැරදිකාරයා මමයි කියලා. මොකද එච්චර ලස්සනට ඇය ගීතය කිව්වා. කාගේ කණ්ඩායමේ උනත් අපෙන් පලිගන්න කියලා මේ වගේ දේවල් කරන්න එපා.”
2025 ජනවාරි 15, පෙ.ව. 12:03
2025 ජනවාරි 14, පෙ.ව. 12:07
2025 ජනවාරි 13, පෙ.ව. 12:08
2025 ජනවාරි 13, පෙ.ව. 12:06
2025 ජනවාරි 12, පෙ.ව. 12:06
15-01-25
15-01-25
15-01-25
15-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
12-01-25
12-01-25
11-01-25
11-01-25
11-01-25
11-01-25
11-01-25
11-01-25