hit counter

2026 ජූනි මස 30 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 28, ප.ව. 3:17



සියලුම පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් (27) දින නිකුත් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ආශ්‍රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාම එම සන්නද්ධ හමුදාවන්ට පවරා ඇත.