hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:08



එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 483ක් ඉලක්කයක් හිමිව තිබේ.

එම ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 53ක් ලබා සිටියේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් 3 වන දිනය සඳහා තරගය අත් හිටුවන විටයි.

එංගලන්තය පළමු ඉනිමට ලකුණු 427ක් සහ දෙවැනි ඉනිමට ලකුණු 251ක් ලබා ගත්තේය.

ජෝ රූට් ඉනිම් දෙකේදීම ටෙස්ට් ශතක ලබා ගෙන එංගලන්තය වෙනුවෙන් වැඩිම ශතක ලාභියා බවට පත් විය.

ඒ මේවන විට ශතක 34ක් ලබා ගෙනය.

තරගයේ 4 වන දිනය අදයි.