2024 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:02
කේශාලංකරණය කියන්නේ අද වෙනකොට ගොඩක් දෙනෙක් ආස කරන මාතෘකාවක්..
ඒත් සමහර වෙලාවට මේ කරන හැම දෙයක්ම තමන්ට සුදුසුද නැද්ද කියන එක ප්‍රශ්නයක්..
ඒත් කාන්තාවන් මේ වගේ දේවල් කරන්න පෙළඹෙන්න කළින් දෙපාරක් ඒ ගැන හිතන්න මේ ප්‍රවෘත්තිය ඔබව පොළඹවාවි.. මේ පුවත වාර්තා වෙන්නේ ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයෙන්..
මිනුවන්ගොඩ බොරගොඩ වත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මෙම විවාහක කාන්තාව පෙරේදා සාදයකට සහභාගී වීම සඳහා හිස කෙස් සකසා ගැනීමට මිනුවන්ගොඩ බස් නැවතුම්පළ ඉදිරිපිට සණස වෙළඳ සංකීර්ණය තුළ පිහිටි රූපලාවන්‍යාගාරයක් වෙත ගොස් තිබුණා..
එහිදී රූපලාවණ්‍යාගාරයේ කටයුතු කරන ප්‍රධාන කාන්තාව විසින් කොණ්ඩය සැකසීම සඳහා රුපියල් පහළොස්දහසක කුලිය ලෙස ලබා දී තිබුණ අතර, අනතුරුව කොණ්ඩය සැකසීමට පැමිණි කාන්තාව කොණ්ඩය සැකසීම සඳහා හිස ගල්වන ද්‍රව්‍යයන් කීපයක් ගැල්වීම සිදුකර තිබුණා.. හිස කෙස් සකසමින් සිටි ගැහැණු ළමයින් දෙදෙනාට එකවරම ඇය පවසා ඇත්තේ පුදුම හිතෙන කතාවක්..
හිස ගල්වන ආලේපන යොදා ටික වෙලාවක් යන විට කාන්තාවගේ හිසේ ඇති වූ දැවිල්ල සමග දැඩි අපහසුතාවයක් දැනීමට පටන්ගෙන ඇති අතර එහිදී ඇති වූ දැඩි අපහසුතාව නිසා ඇය රෝහල් ගත කර තිබෙනවා..
මිනුවන්ගොඩ බස් නැවතුම්පළ ඉදිරිපිට සණස වෙළඳ සංකීර්ණය තුළ පිහිටි රූපලාවන්‍යාගාරයක් මෙම සිද්ධිය සිදුවී ඇති අතර, හිසේ ගැල්වූ ද්‍රව්‍යයන් ආසාත්මිකවීම හේතුවෙන් හිස කෙස් ගැලවී යාමේ බරපතල තත්ත්වයක් හේතුවෙන් එම කාන්තාව ගම්පහ මහ රෝහලට ඇතුළත් කළ බව මිනුවන්ගොඩ පොලිසිය පවසනවා..
2025 අප්‍රේල් 22, පෙ.ව. 12:10
2025 අප්‍රේල් 22, පෙ.ව. 12:09
2025 අප්‍රේල් 22, පෙ.ව. 12:08
2025 අප්‍රේල් 22, පෙ.ව. 12:02
2025 අප්‍රේල් 21, ප.ව. 5:19
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25