hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:32



ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය හෙට පැවැත්වීමට නියමිතය.

එංගලන්තයේ ලන්ඩන් ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වීමට නියමිත අතර මෙම තරගයට සහභාගි වන එංගලන්ත සංචිතය මේවන විට නම් කර අවසන්ය.

එහි එක වෙනස් කමක් සිදුකර ඇත.

ඒ අනුව මැතිව් පොට්ස් වෙනුවට ජොෂ් හල් එම තරගයට එක්වෙයි.

මෙය ඔහුගේ මංගල ටෙස්ට් තරගය වෙයි.
අඩි 6යි අඟල් 7ක් උසැති හල්, 20 හැවිරිදි වමතින් වේග පන්දු යවන්නෙකි. 

පළමු සහ දෙවැනි තරගය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලි තරග 2-0ක පරාජයක් ලබා තිබේ.