hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2024 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:01



අනුරාධා එදිරිසිංහ කියන්නේ අතිශය ජනප්‍රිය නිළියක්.

පුංචි තිරය මත නොදුටු ටික දිනට ඇය කොහේදැයි විමසූ පිරිස බොහෝය.

එතරම්ම ප්‍රේක්ෂකයන් ඇය කෙරෙහි ආදරණීය වී තිබිණි.

ඇය නැවතත් පැමිණ ඇත.

පසුගියදා පැවති සම්මාන උළෙලකදී හොඳම නිළිය සම්මානය දිනා ගැනීමට සමත් වුණා.

ඒ වගේම ඈ ලබන රසික ආදරයත් සුළුපටු එකක් නෙවෙයි.

ඉතින්, එවන් ජනප්‍රියත්වයක් ලබන සහ අපූරු දක්ෂතාවක් ඇති ඇයට සිනමාවට ආරාධනා ලැබිලා නැද්ද කියන ප්‍රශ්නය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවකදී කතාබහට ලක්වෙලා තිබුණා.

මේ, ඊට ඇය දුන්නු පිළිතුර,

”නැහැ. මට කවදාවත්ම චිත්‍රපටයකට ආරාධනා ලැබිලා නැහැ.මෑත කාලේදිත් එහෙම කිසිම විදියක ආරාධනාවක් ඇවිල්ලත් නැහැ.සිනමාව මගේ දෛවයේ ලියවිලා නැතුව ඇති කියලත් සමහර වෙලාවට මට හිතෙනවා.හැබැයි එහෙම ලොකු අවුලකුත් නැහැ. එහෙම කිසිම දෙයක් ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ නැහැ.නමුත් සිනමා නිර්මාණයකට ආරාධනා ලැබුණොත් මම උපරිම සතුටු වෙනවා.මොකද ඒක ඕනෙම කෙනෙකුගේ ජීවිතේ තියෙන ලොකු හීනයක්නේ…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: