2024 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:03
මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන රොකී ටෙලි නිර්මාණය සමීර පියරත්නගේ අධ්‍යක්ෂණයකි. එහි දඟකාර කෙළිලොල් තරුණියක වන නේහාට ජීවය දෙන්නේ ඩිලූෂි හංසිකාය.
දෙරණ නාළිකාවේ විකාශය වන සැලෙනා නුවන් ටෙලි නිර්මාණයේ වර්ෂා ටීචර් ලෙස ඔබ හමුවට එන ඇය ඔබට නුහුරු නොවේ. වර්ෂා හරහා ලබාගත් ප්‍රේක්ෂක ආදරය අදටත් නොඅඩුව පවත්වා ගන්නා ඇය රොකී හරහා ප්‍රේක්ෂක ඔබ වෙනස්ම මානයකට රැගෙන යන්නට වෙහෙසෙන්නීය.
වර්ෂා ටීචර් කියන්නේ හරියට ඩිලූෂිගෙ ප්‍රතිරූපය වගේ. නේහා ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. ඒ ගැන මොකද හිතෙන්නේ?
සමහර පොඩි ළමයි හිතාගෙන ඉන්නේ මම ඇත්තටම ටීචර් කෙනෙක් කියලා. වර්ෂා ටීචර් ටිකක් මැෂුවර්ඩ් කැරැක්ටර් එකක් නිසා ඔවුන් සැබෑ ජීවිතේදිත් මාව පිළිගන්නෙ ඒ විදිහට. පන්සල්වල, සෙනඟ ගැවසෙන තැන්වලදි පොඩි ළමයි දුවගෙන ඇවිත් වර්ෂා ටීචර් කියලා කතා කරනවා. විස්තර අහනවා. එයාල මං කියන දේවල් අහනවා. මාත් එයාලට හොඳට පාඩම් කරන්න කියනවා. ඒ වගේ පොඩි පොඩි දේවල් කියනවා. ඒක නම් පුදුමාකාර අත්දැකීමක්. චරිතයක් හරහා ඒවගේ පිළිගැනීමක්, ගෞරවයක් ලැබෙනවා කියන්නේ හරිම සතුටක්. ඒත් නේහා කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් කිසිම බරක් පතළක් නැති දඟකාර, කෙළිලොල් චරිතයක්.
නේහාට ආරාධනා ලැබෙන්නේ කොහොමද?
රොකී කියන්නේ සමීර පියරත්නගේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය. ඔහු එඩිටර් කෙනෙක්, තිර රචකයෙක් විදිහට ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක්. මේක ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වුණාට ඔහු හරිම දක්ෂ විදිහට ඒක කරනවා. ඔහුගෙන් ලැබුණු ආරාධනය මම හරිම කැමැත්තෙන් භාරගත්තා වගේම ෂූටිං යන්නෙත් හරිම සතුටින්. තිර පිටපත අරුණ ප්‍රේමරත්නගේ. නිෂ්පාදනය ජනක සම්පත්.
රන්දික කියන්නේ මේ දිනවල පුංචි තිරයේ ජනප්‍රියම තරුවක්. ඔබ වැඩිපුරම ගැටෙන්නේ ඔහු එක්ක. ඒ අත්දැකීම කොහොමද?
කතාවෙ ඔහු අභිලාෂ්. ඇත්තටම මං මීට කලින් රන්දික අයියා එක්ක රඟපාලා නෑ. වැඩිය ගැටෙන්න ලැබිලත් නෑ. ඔහු ඉතාම දක්ෂ ජනප්‍රියම රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහු මට වඩා ප්‍රවීණයෙක්. එයත් එක්ක ලව් සීන්වලට ඉන්න මට ලැජ්ජයි වගේ. නොපෙන්නුවට ඕනෙම කෙනෙකුට මුලින්ම එහෙම වෙනව ඇති කියලා මට හිතෙනවා. එක පැත්තකින් ඒක මට ලොකු වාසියකුත් වුණා. කතාවෙ හැටියට නේහා අභීට හිත යටින් ගොඩක් කැමැතියි. ඒ ලැජ්ජාශීලී බව රංගනයෙන් මම දෙන්න ඕන දෙයක්. මෙතැනදි ඒක මට ඔටෝම එනවා. රන්දික හරිම හොඳ සපෝටිව් ඇක්ටර් කෙනෙක්. දසුනියි, මායි හරිම මිත්‍රශීලීයි. රඟපානවා කියල දැනෙන්නෙත් නෑ. හරිම විනෝදයි.
ලැබෙන ප්‍රතිචාර කොහොමද?
තාමත් කොටස් කිහිපයයි විකාශය වුණේ. ඒත් දැනටමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමහර තැන්වල මට හිතෙනවා මේ මේ දේවල් හදාගත්ත නම් හොඳයි කියලා. මං හරිම ආසයි රංගනය ගැන ඉගෙන ගන්න. දැනටමත් මං පොඩි පොඩි දේවල් ටිකක් කරගෙන යනවා. මම රංගනයට එන්න හිතපු කෙනෙක් නෙවෙයි. අත්දැකීම් ලබද්දි තමයි පන්නරය ලැබෙන්නේ.
නේහාගේ කෙළිලොල් බව වර්ෂා ටීචර්ගෙ ප්‍රතිරූපයට හානියක් කරයි ද?
නෑ. මම හිතන්නෑ. රංගන ශිල්පිනියක් වුණාම ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕන. වර්ෂා ටීචර් දැන් සමාජය පිළිගත් චරිතයක්. ඒ හරහා මට සමාජයට දෙයක් කරන්නත් හැකියාව ලැබිලා තියෙනවා. ඒක මට සතුටක්. පොඩි ළමයි මං දෙන අවවාද පිළිගන්නවා. සමහරු මට පෞද්ගලිකව ප්‍රශ්න කියනවා. ඒ චරිතය නිසා එයාලා මට රෙස්පෙක්ට් කරනවා. මට පුළුවන් විදිහට මං ඒවා විසඳන්න බලනවා. පිරිමි ළමයෙක්ගෙ දේකට වඩා ගැහැනු ළමයෙක් එක්ක කතාබහ කරලා එයාව මෝටිවේට් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා.
2025 අප්‍රේල් 21, ප.ව. 5:19
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 21, පෙ.ව. 9:40
2025 අප්‍රේල් 21, පෙ.ව. 12:10
2025 අප්‍රේල් 21, පෙ.ව. 12:04
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25