2024 සැප්තැම්බර් 09, පෙ.ව. 12:02
සෙලාන් බැංකු වෙළෙඳ දැන්වීමක් ඔස්සේ හා හා පුරා කියා කලා ක්ෂේත්රයට පා තැබූ ඔහු ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායකගේ ‘හදවතේ කතාව‘ ටෙලි නිර්මාණයේ ප්‍රධාන භූමිකාවට පණ පොවමින් පුංචි තිරයට ද පිවිසියේය.
ෂැඩෝ, ළංවී, උන්මාදිනී, දිවිතුරා මෙන්ම මේ දිනවල ජනප්‍රියත්වයේ ඉහළින්ම වැජඹෙන see you ටෙලි නිර්මාණය ඔහුගේ රංගන හැකියාව තව තවත් වර්ධනය කළේය.
එමෙන්ම ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන ‘රොන්‘ ටෙලි නිර්මාණයේ පූර්ණගේ භූමිකාව ඔහුගේ රංගන දිවියේ වෙනස්ම පැතිකඩක් නිරාවරණය කරන සුවිශේෂී ටෙලි නිර්මාණයකි. අද පුවත්පතක් හා කතාබහට එක්වන ඔහු චතුරංග කොඩිතුවක්කුය.
චතුරංග මේ දවස්වල ජීවිතයේ ආධ්‍යාත්මික පැත්ත හොයනව කියල ආරංචියි?
ඔව්. ඒ මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන ප්‍රදීප් ධර්මදාසගේ ‘රොන්‘ ටෙලි නිර්මාණයේ පූර්ණ. පූර්ණ කියන්නෙ මට ලැබුණු ටිකක් වෙනස් චරිතයක්. සියලු සැප සම්පත් තියෙන සල්ලිකාර පවුලක පුතෙක් විදිහට ඔහු ජීවිතය වින්ද කෙනෙක්. ඔහුගේ පෙම්වතිය වුණේ සාෂා. ඇයත් සුන්දර යුවතියක්. අන්තිමට ඒ හැමදේම අතහරින ඔහු පරිසරයට ආදරය කරමින් ජීවිතයේ ආධ්‍යාත්මික පැත්ත හොයන්න පටන් ගන්නවා. ගෙවල් දොරවල් අත්හැරලා මුහුදු වෙරළේ ජීවිතය ගත කරනවා. මොබයිල් ෆෝන් එකත් අත්හරිනවා. යම්කිසි පිරිසක් ඔහු වටා එක්රොක් වෙනවා. පූර්ණ හරහා යම්කිසි පණිවුඩයක් සමාජගත වෙනවා කියලත් හිතෙනවා. ඒ චරිතය මං ගොඩක් කැමැත්තෙන් කරන චරිතයක්.
‘ළංවී‘ ටෙලි නිර්මාණයේ රූගත කිරීමක දී අකරතැබ්බයකට ලක්වුණාලු නේද?
ඔව්. ඒක රංගන ජීවිතේට විතරක් නෙවෙයි මගේ මුළු ජීවිතේටම අමතක නොවන එකක්. එක තැනක මං තුවක්කුවකුත් අතින් අරන් දෙන්නෙකුට තර්ජනය කරන සීන් එකක් තියෙනවා. ඒක ඇත්තක් කියල හිතල කවුරුහරි 119ට අරගෙන පොලිසියට කතා කරලා කියලා. හදිසියේම පොලිස් කණ්ඩායමක් ඇවිත් තුවක්කු ඉලක්ක කරගෙන මාව වටකර ගත්තා. මං මැරයෙක් කියල හිතල වෙඩි තියන්නයි හදල තියෙන්නෙ. පස්සේ කැමරා එහෙම පෙන්නල බොහොම අමාරුවෙන් පැහැදිලි කරල දුන්නා. එදා මට තව පොඩ්ඩෙන් වෙඩි කන්නයි වෙන්නෙ.
2025 අප්‍රේල් 22, පෙ.ව. 12:10
2025 අප්‍රේල් 22, පෙ.ව. 12:09
2025 අප්‍රේල් 22, පෙ.ව. 12:08
2025 අප්‍රේල් 22, පෙ.ව. 12:02
2025 අප්‍රේල් 21, ප.ව. 5:19
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25