hit counter

2024 සැප්‍තැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:04



ස්විස්ටර්ලන්තයේ පුරවැසියභාවය ලබාගෙන සිටින 53 හැවිරිදි ශ්‍රී ලාංකීක පුද්ගලයෙකු රවටා රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියයක් සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ක්‍රියාවට 23 හැවිරිචි තරුණියක් යොදාගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම තරුණිය සහ අදාළ පුද්ගලයා‌ අතර ටික්ටොක් යෙදවුම හරහා ප්‍රථමයෙන් මිත්‍රත්වයක් ගොඩනගා එය ක්‍රමයෙන් ප්‍රේම සබඳතාවක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන්.

ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ලිංගික ක්‍රියාවන්ද සිදු කර ඇති බවයි ප්‍රකාශ කළේ.

ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී ආදළ පුද්ගලයා විසින් මෙම තරුණියගේ බැංකු ගිණුමට මුදල් එවා තිබෙනවා.

ඒ, ඔහු මෙරටට පැමිණීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට එකට ජීවත්වීම සඳහා සුඛෝපභෝගී කාමරයක් ඉදි කිරීම සඳහායි.

කෙසේවෙතත් කාලයක් ගතවීමත් සමඟ අදාළ තරුණිය තුළ ඇතැම් වෙනස්කම් නිරීක්ෂණය වී ඇති අතර ඇය ඔහුගේ ඇමතුම් ලබාගැනීම පවා නතර කර තිබෙනවා.

මෙම පුද්ගලයා ස්විස්ටර්ලන්තයේ සිට යාපනයේ සිටින තම ඥාතීන් බැලීමටත් පෙම්කළ තරුණ සමඟ නිවාඩුවක් ගත කිරීමටත් සිතා මෙරටට පැමිණ ඇති අතර එහිදී ඔහු විසින් ඇය සොයා ගිය ද එම ලිපිනයේ එවැනි අයෙකු පදිංචි වී නොමැති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරමින්, ඔහු මුදල් තැන්පත් කළ බැංකු ගිණුම් අංකද පොලීසියට බාර දී තිබුණා.

ඒ අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම කාන්තාවන් තිදෙනා පොලිස් අත්අඩංගුවට පත්වී ඇති බව සඳහන්.

ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් නොකරණ ලෙසත් ලබා ගත් මුදල් ඉතාම ඉක්මනින් ආපසු ලබා දෙන බවටත් පොලීසියට පොරොන්දුවී ඇතත් යාපනය පොලිසිය මෙම පිරිසි යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.

ඉන් අනතුරුව ඔවුන් තිදෙනාව ඇප මත මුදාහැරීමටයි අධිකරණයට කටයුතු කර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: