2024 සැප්තැම්බර් 13, ප.ව. 2:33
මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන ලබන 15 වනදා ආපදා තත්ත්වයන් ඇතිවුවහොත් බාධාවකින් තොරව සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.
යම් ආපදාවක් හේතුවෙන් සිසුවෙකුට විභාග මධ්‍යස්ථාන වෙත යාමට අපහසුතාවක් වෙතොත් 117 යන හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.
පීඩාවට පත් වන සිසුන් වෙනුවෙන් සියලු නිලධාරීන් කඩිනම්ව මැදිහත් වන බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අතර, ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් කුරුණෑගල ආපදා මධ්‍යස්ථානය සීරුවෙන් සැප්තැම්බර් 15 දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයේ විභාග මධ්‍යස්ථාන හෝ ඒ ආශ්රිත විභාගයට බලපෑම් සිදුවිය හැකි ආපදා තත්වයන් ඇති වුවහොත් එය කඩිනමින් කළමනාකරණය කිරිම සදහා කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සූදානමින් සිටින බව දිස්ත්‍රික් ආපදා ආපදා කළමණාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ විරාජ් දිසානායක මහතා ප්‍රකාශ කර ඇත.
ඒ සදහා ආපදා කළමණාකරණ ඒකකය ප්‍රාදේශීය ලේකම්වරුන් හා පොලිසිය සමග සම්බන්ධිකරණයෙන් කටයුතු කිරීම සදහා විභාගයට පෙර දින (14) හා විභාග දින (15) විවෘතව පවතින බව ද එවැනි අවස්ථාවක දි පහත නිලධාරින්ගේ සහයෝගය ලබා ගත හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
N.R.A. විරාජ් දිසානායක මයා – නියෝජ්‍ය අධ්යක්ෂ 077-3957887
Y.M.S.බණ්ඩාර මයා 0774196838
P.M.A.K. බණ්ඩාර මයා 071-8520294
නදීකා සදමාලි මිය 076-0994784
කාර්යාලය 037-2221709 / 0372117117
මේ අතර, 2024 උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වීමට නියමිත බව, විභාග කොමසාරිස් ජනරාල්වරයා ද අද දැනුම් දෙනු ලැබීය.
2024 දෙසැම්බර් 21, ප.ව. 3:42
2024 දෙසැම්බර් 21, ප.ව. 2:05
2024 දෙසැම්බර් 21, ප.ව. 1:41
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:13
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:10
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24