hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2024 සැප්‍තැම්‍බර් 14, ප.ව. 8:02



ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලියට එක්වීමට නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණියේය.

තරගාවලියේ පළමු තරගය සැප්තැම්බර් මස 18 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

දෙවැනි තරගය සැප්තැම්බර් මස 26 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලියේදී නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් කටයුතු කරනවා.