hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 14, ප.ව. 8:14



දකුණු ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අනුශූරතාව දිනා ගන්නට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර රන් පදක්කම් 9ක් සහ රිදී පදක්කම් 9ක් ද ලෝකඩ පදක්කම් 17ක් ද දිනා ගත්තේය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දිනූ මුළු පදක්කම ගණන 35කි.

තරගාවලියේ සුවිශේෂීම ක්‍රීඩකයා වූ මෙරෝන් විජේසිංහ මීටර 100 බාලක ඉසව්වේ රන් පදක්කම මෙන්ම ඔහු ඇතුළු ශ්‍රී ලංකා සහය කණ්ඩායම මීටර 100 සහය ඉසව්වේ රන් පදක්කම ද ශ්‍රී ලංකාවට දිනා දුන්නාය.

සාර්ථක තරගාවලියක් අවසන් කළ ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායම අද පස්වරුවේදී යළි දිවයිනට පැමිණියේය.