hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:02



අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ 2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලු ම පාසල්වල දරුවන්ට අවශ්‍ය නිල ඇඳුම් පිරිනැමෙන බවයි.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම නිල ඇඳුම් 100%ක් ම චීන රජයේ ආධාර යටතේ නොමිලේ හිමිවන බවයි.

මේ හේතුවෙන් රජයට රුපියල් මිලියන 7000ක ඉතිරියක් ද පවතින බව ඒ මහතා පැවසීය.

එමෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අධ්‍යාපන අමාත්‍යවරයා, චීන තානාපති සහ එරට රජයේ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් අනුව මෙම ප්‍රදානය හිමි ව ඇති බවය.

එමෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අධ්‍යාපන අමාත්‍යවරයා, චීන තානාපති සහ එරට රජයේ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් අනුව මෙම ප්‍රදානය හිමි ව ඇති බවය.

කෙසේ වෙතත්, නිල ඇඳුම් තොගය 2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20 වන දිනට පෙර බෙදාහැරීමට නියමිත ව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: