hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2024 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 9:04



උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.එම්. චාල්ස් මහත්මිය අණ්ඩුකාර ධූරයෙන් ඊයේ (23) දින සිට ඉල්ලා අස්වී ඇතැයි ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය විසින් නිවේදනය කොට ඇත.

නව ජනාධිපති අනුරකුමර දිසානායක මහතාගේ දිවුරුම් දීම් සමග හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත විසින් පත්කරන ලද උතුරු ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමට පී.එස්.එම්.චාල්ස් මහත්මිය පියවර ගනු ලැබුවාය.

පී.එස්.එම්.චාල්ස් මහත්මිය උතුරු පලාත් ආණ්ඩුකාර ධූරය හෙබවීමට පෙර වව්නියාව සහ මඩකලපුව දිස්ත්‍රීක්කයන්හි දිසාපතිවරිය වශයෙන්ද ඉන් අනතුරුව ශ්‍රීලංක රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් වරිය වශයෙන් සහ මැතිවරණ කොමිෂණ් සභාවේද සාමාජිකාවක් වශයෙන් කටයුතු සිදුකර ඇති ඇය ශ්‍රීලංකා පරිපාලන සේවයේද විශේෂ ශ්‍රේණියේ නිලධාරීනියක් වෙයි.