hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 ජූලි 01, පෙ.ව. 10:53



දිලිප් වෙදආරච්චි කියන්නේ ප්‍රසිද්ධ දේශපාලනඥයෙක්.

පසුගිය දවසක ඔහුගේ පුතා සහ ලේලිය අධිවේගී මාර්ගයේදී පොලිස් රාජකාරි කටයුතුවලට බාධා කරන අයුරින් හැසිරුණා කියන චෝදනාව මත අත්අඩංගුවට ගත්තා.

එහිදී දිලිප් වෙදආරච්චි මහතාගේ පුතාගේ ආදරණීය බිරිඳ වන නෙත්මි වෙදආරච්චි කැපී පෙනෙන චරිතයක් බවට පත්වුණා.

එදා වෙච්ච මේ ඇත්ත සිදුවීම පිළිබඳව නෙත්මි වෙදආරච්චි සතිය අග පුවත්පතකට කළ හෙළිදරව්වක් කළේ මෙලෙසයි.

“මේ සිදුවීම සම්බන්ධයෙන් දැනට ගරු අධිකරණයේ නඩු කටයුත්තක් සිදු වෙන නිසා මම ඒ ගැන මොකුත් කියන්නේ නැහැ. හැබැයි මට එක දෙයක් කියන්න පුළුවන්. මගේ හිතට ඒ වෙලාවේ ආවෙ මගේ මහත්තයට කරදරයක් වෙන්න නොදී බේරගන්න ඕනි කියන හැඟීම විතරමයි. අනික කාටහරි කියන්න පුළුවන්ද මේ ලෝකෙ මොන ගෑණිද තමන්ගේ මනුස්සයාට ගහනකම් බලන් ඉන්නෙ. අපි පොඩි ෆිජ් එකක් වාහනේ ඇතුලේ අරගෙන ගියේ ඉතින් ඒකට වුණු බහින්බස්වීමක් තමයි මේ විදිහට ටිකක් දුර ගියේ. මම කියන්නේ මම පරුෂ වචන කියපු එක හරි කියලා නෙවෙයි. ඒ වෙලාවේ මගේ මහත්තයව ආරක්ෂාව ඇරෙන්න වෙන දෙයක් ගැන මට හිතුණේ නැහැ.”

එම සිදුවීමට අදාළ වීඩියෝව පහතින්,

https://youtu.be/RY719wadDZI