hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:06



දවසක ජීවිතේ ලස්සනම දේවලින් පුරවන්න අපි හීන දකින්න පටන් ගන්නෙ, පුංචි කාලෙ ඉඳන්.

නමුත් එහෙම දකින හීන හැබෑවක් කරගන්න ඇත්තටම මහන්සි වෙන පිරිස් නම් අඩුයි.

සමහරු වෙහෙස නිසාම හීන අතරමග අතෑරලා දානවා.

එහෙම නොවී හීන වෙනුවෙන් ම අසීමිතව කැපවෙන උත්සාහවන්තයිනුත් මේ අපි අතරම ඉන්නවා.

ජනප්‍රිය නිළි නයෝමි තක්ෂිලා කියන්නෙ එහෙම උත්සාහවන්ත කෙනෙක්.

පහුගිය දවසක ඈ සිය හීනයක් ගැන මේ විදියට මුහුණු පොතට සටහනක් එක්කාසු කර තිබුණා.

”අපි පුන්චි කාලෙ දිහා ආපහු හැරිල බලද්දි මතක් කරල සතුටු වෙන්න සහ මතක් කරන්නවත් අකමැති මතක වර්ග 2 ක් තියෙනව.

මම ආසම මම උදේ නැගිට්ටාම අම්මා මාව වඩන් ඇවිත් පෝරණුව උඩින් තියල කිරි එක නිමල පෝරනුව උඩ ඉදලම බොන්න දෙන එක.

ඒ කිරි රස මට තාමත් මත්කයි. ඒ අපේ එළදෙනකගෙම කිරි.

ඒ මතකය හරි සුන්දර උනාට අපිට සුන්දර කුස්සියක්නම් ඒකාලෙ තිබුනෙ නැහැ.

පුන්චි ළමයි හැමෝම ආසයි වහිනවට. ඒත් මම ආස නෑ. මොකද වහිද්දි ඉස්සර අපේ කුස්සිය පොල් අතු වලින් තෙනමෙනව.

වහිනකොට අපි ඉස්සල්ලම කරන්නෙ වැටෙන වතුර එකතු කරන්න භාජන එකතු කරන එක.

තව මම ඉස්කෝලෙ ඇරිල එද්දි අපෙ අම්ම සමහර දවස් වලට පොල් අතු ඉරල ඒවට වතුර දාලා ඒව වියනව කුස්සියේ වහලෙ වහන්න.

මම ඒව පුන්චි කාලෙ ඇස් දෙකෙන් දැක්ක.මගෙ පුන්චි මනසට ඒව හොදට දැනුන.

අම්ම පොල් අතු වියද්දි මම ඉන්නෙ එතන තියෙන පේර ගහ උඩ.

ඒ ඉද්දි මම හැමදාම හිතුව මම සල්ලි ගොඩක් හොයන දවසක දිව්‍ය ලෝකයක් වගේ, මේ ලෝකෙ තියෙන ලස්සනම කුස්සිය අපෙ අම්මට හදල දෙනව කියල.

ලිද ලග තිබ්බ පේර ගහ උඩ ඉදන් මම කල්පනා කරේ ඒක කියල අම්ම මේ post එක දැක්කාම දැන ගනී.

ඉතින් දැන් මම ලොකුයි. ඒකට කාලෙ හරි. මම අපෙ අම්මගෙ දිව්‍යලොකෙ හදන්න වැඩ පටන් ගත්ත.

ලගදිම අනුරාධපුර තියෙන ලස්සනම කුස්සිය අපෙ අම්මගෙ වෙයි. ඒ විතරක් නෙවේ.

කොලඹ තියෙන ලස්සනම ගෙදරත් ලගදීම දවසක අම්මගෙ කරනවා.. ඉක්මනින්ම..

ආදරෙයි අම්මා”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: