2024 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:02
ජනතාව බලාපොරොත්තු වෙන්නේ රටේ සංවර්ධනයටත් වඩා හොරුන්ට දඬුවම් දෙන එක බව ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් පවසනවා.
ඊයේ (29) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රාහුල හිමියන් මේ බව කියා සිටියා.
මෙය සුර ලෝකයක් නොවන බවත්, ජනාධිපතිවරයා මැජික්කාරයෙක් නොවන බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.
මජර දේශපාලනයෙන් සිදුකරපු දූෂණ, වංචා වැරදි වැඩ එකපාර ජනාධිපතිවරයාටවත් කාටවත් නතර කරන්න පුලුවන් වැඩ නොවන බවද පූජ්‍ය වනවාසී රාහුල හිමියන් ප්‍රකාශ කළා.
රටක නීතියක් තිබෙන බවත්, නීත්‍යානූකූළව එය සිදුකිරීමට අවශ්‍ය බවත්, උන්වහන්සේ කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන්,
“ජනපතිතුමනි ඔබතුමා ජනතාවට ප්‍රමුඛතාවය ලබා දීලා ජනතාව වෙනුවෙන් වැඩ කරන්න.. ඔබතුමාට දැන් තියෙනවා විශාල වැඩකොටසක් කරන්න.. ඔබතුමා ගැන ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නවා.. ඔබතුමාට ලක්ෂ 30ක් පමණ ඡන්දය දුන්නේ නෑ.. ඉදිරි මැතිවරණයේදී ඔබතුමාගේ අපේක්ෂකයෝ ගැන විශ්වාසය තියලා.. ඡන්ද ලබා ගන්න අවශ්‍යය කරන විදිමත් වැඩපිළිවෙලක් හදන්න කියලත් මම ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.. ඒ වගේම පක්ෂයට මිනිස්සු දාන කොට බිමට බැහැලා ඉන්න, මිනිස්සුන්ගේ හදවත්වලට සමීප වෙච්ච, හොඳ, යම්කිසි තීන්දු – තීරණ ගන්න පුලුවන්, ප්‍රායෝගික දැනුමක් ඇති උගත් බුද්ධිමත් අපේක්ෂකයින් ඔබතුමා ලංකාවේ සියලුම මැතිවරණ කොට්ඨාශවලට ඉදිරිපත් කළොත් මම හිතනවා ඔබතුමාට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්න පුලුවන් කියලා..”
2025 මැයි 19, ප.ව. 6:03
2025 මැයි 19, ප.ව. 3:56
2025 මැයි 19, ප.ව. 3:25
2025 මැයි 19, ප.ව. 1:07
2025 මැයි 19, ප.ව. 12:57