2024 සැප්තැම්බර් 30, ප.ව. 12:19
ජනාධිපතිවරණයෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල සහ වෙනත් ස්ථාන රැසක අතහැර දමා ගිය සුපිරි නිල රථ පාවිච්චි කළ පුද්ගලයින් ගැන දැන් දැන් සමාජ මාධ්‍ය විවිධ කතාබහක් ඇති වී තිබෙනවා.
විශේෂයෙන් යූටියුබ් සමාජ මාධ්‍යයේ ඇතැම් ක්‍රියාකාරීන් මෙම වාහන මැති ඇමතිවරුන්ගේ බිරින්දෑවරු සහ දරුවන් පාවිච්චි කරන බවටත් චෝදනා එල්ල වුණා.
ඒ අතරතුර එම නිල රථ පාවිච්චි කළ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් මේ වන විට සමාජ මාධ්‍යට මුදා හැර තිබෙනවා.
නමුත් එහි සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් විවිධ පිරිස් ප්‍රශ්න මතු කරනවා.
එවන් තත්වයක් තුළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙක් ලෙස අතිශය කතාබහට ලක්වන නුවන් නැමති තරුණයා ආන්දෝලනාත්මක හෙලිදරව්වක් සිදු කර තිබෙනවා.
ඔහු සදහන් කළේ රජයේ වාහන තුනක් සමිතා මුදුන්කොටුව පාවිච්චි කරන බවයි.
කටුබේරියේ පදිංචි තමන්ට හිතවත් මිත්‍රවරුන් කිහිපදෙනෙක් පෞද්ගලිකව තමන්ට මේ තොරතුරු ලබා දුන් බවයි මෙම තරුණයා සදහන් කර තිබුණේ.
ඒ තරුණයා වැඩිදුරටත් සදහන් කරන්නේ සමිතා මුදුන්කොටුව ප්‍රවීණ ගායන ශිල්පිනිය රජයේ වාහන තුනක් භාවිතා කළ බවයි.
එසේම ඔහු සදහන් කර තිබුණේ මෙම වාහන ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා ඇයට ලබා දී ඇති බවයි.
කෙසේවෙතත් මෙම තරුණයාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසු මේ සම්බන්ධයෙන් අතිශය ආන්දෝලනාත්කම කතාබහක් සමාජයේ ඇති වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වීඩියෝ පට කිහිපයක්ම අන්තර්ජාලයේ දැක බලා ගැනීමට හැකි වූ අතර ඒ සම්බන්ධයෙන් සමිතා මුදුන්කොටුව මුනිවතින් සිටීම කැපී පෙනුනා.
කෙසේවෙතත් රංගන ශිල්පී සුදත්ත තිලකසිරි සමිතා මුදුන්කොටුව දුරකථනයෙන් සම්බන්ධය කර ගනිමින් මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා තිබුණා.
ඒ සම්බන්ධයෙන් සමිතා මුදුන්කොටුව ප්‍රවීණ ගායන ශිල්පිනිය සදහන් කර ඇත්තේ තමන්ට කුඩා කල සිටම මුදල් හදල් තිබූ බවත් රජයේ වාහන පාවිච්චි කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 19, ප.ව. 3:20
2024 දෙසැම්බර් 18, පෙ.ව. 12:04
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
19-12-24
19-12-24
18-12-24
18-12-24
17-12-24
17-12-24
17-12-24
17-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
15-12-24
15-12-24