hit counter

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:03



සන්ධාන ගත වීම සඳහා ආරාධනා ලැබී තිබුණද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති සමඟ එකඟවන්නේ නම් එම පක්ෂ සමඟ පමණක් සන්ධාන ගත විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.

කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදියි.

කාරියවසම් මහතා සඳහන් කළේ මූලික වශයෙන් සන්ධානගත වීමට හදන පක්ෂ රටේ ඒකීයභාවය පිළිගන්නා පක්ෂ නොවන බවයි.

මේ අතර පක්ෂය පාවාදුන් කිසිම කෙනෙක්ට නැවත පක්ෂයේ ඉහළ තනතුරු හෝ මහමැතිවරණයේ නාමයෝජනා ලබා නොදෙන බව ඔහු අවධාරණය කර සිටියා.

”සන්ධානගතවීම සඳහා ආරාධනා ලැබිලා තිබුණා. අපි දැඩිව සිටිනවා අපි සන්ධානගත වෙනවා නම් සන්ධානගත වෙන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති සමඟ එකගවෙන පක්ෂ සමඟ විතරයි. අද මේ මූලික වශයෙන් සන්ධානගත වෙන්න හදන පක්ෂ ඔවුන් මේ රටේ ඒකීයභාවය පිළිගන්නා පක්ෂ නොවේ. මේ ඔවුන් සියලුම වෙනත් මතවාද දරණ පක්ෂ. අපි යම්කිසි තාවකාලික පසුබැස්මක ඉන්නවා. අපිට මේ පසුබැස්ම ඇතිවෙලා තිබෙන්නේ පහුගිය කාලයේ මේ රටේ අපේ නායකයින්ට කළ බොරු චෝදනා රටේ ජනතාව විශ්වාස කළ නිසා. අපි ඉතාම ආයාචනාත්මකව මේ රජයෙන් ඉල්ලා සිටිනවා ඔබලා කළ බොරු චෝදනාවලට නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ චෝදනා ඔප්පු කරගන්න බැරි වුණොත් ඒ ජනතාව නැවත එන්නේ, එකතුවෙන්නේ අපි සමඟ. ඒ නිසා අපි අපේ පක්ෂය මේ රටට ආදරය කරන ජනතාව වෙනුවෙන්, මේ රටේ ඒකීයභාවය රකින්න ඕන ජනතාව වෙනුවෙන් අපි අපේ පක්ෂය ඒ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යන්න කැමති. වෙනත් මත දරණ සමඟ එකතුවෙලා අපේ ප්‍රතිපත්තිට එරෙහිව කටයුතු කරනවාට වඩා අපි මේ අවස්ථාවේදි පක්ෂයක් හැටියට එකම ප්‍රතිපත්තියක ඉඳලා ඉදිරි අනාගතයට මුහුණදිලා අභියෝග ජයගන්න කැමති.අපේ පක්ෂය පාවාදුන් කොටසක් ඉන්නවා.

ඒ පක්ෂය පාවාදුන් කොටස දැන් ඔවුන් දේශපාලන වශයෙන් අපි දන්නවා පත්වෙලා තිබෙන තත්වය. අපි පක්ෂයක් හැටියට ගත්ත තීන්දුවේ ස්ථිරව ඉන්නවා. පක්ෂය පාවාදුන් කිසිම කෙනෙක් නැවත පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා ලබාදීමක් කරන්නේ නැහැ.මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා ජනතාව කියනවා නම් ඒ සැලුන්දොර තවදුරටත් ඇරලා තියන්නේ නැහැ කියන කාරණය. මෙතන විවිධ කණ්ඩායම් ඉන්නවා. පක්ෂය පාවාදිලා ගිය කොටසක් සිටිනවා. ඒ වගේම මුලින්ම වෙනස් මතයක් දරලා 2022 ම ගිය කොටසක් ඉන්නවා. අපිත් සමඟ අවසානය මොහොතේ ඉඳලා පක්ෂය පාවාදිලා ගිය පිරිසක් ඉන්නවා. මේ කිසිම ආකාරයකින් පක්ෂය පාවාදිලා ගිය පිරිසනම් අපි මේ පක්ෂයට ගන්න කටයුතු කරන්නේ නැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්:


Click to Close