hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2024 ඔක්‍තෝබර් 01, පෙ.ව. 7:32



T20 කාන්තා ලෝක කුසලානයේ පෙර පුහුණු දෙවැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමට සමත් විය.

ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති මෙම තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 5කින් ජය ගත්තේය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 19කදී ලකුණු 58කට දැවී ගියා.

උදේශිකා ප්‍රබෝධනී ලකුණු 3කට කඩුලු දෙකක් ද,ශෂිනි නිසංසලා ලකුණු 10කට කඩුලු දෙකක්ද, ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 15.3කදී කඩුලු 5ක් දැවී ලකුණු 59ක් ලබා තරගය ජය ගත්තා.

කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 27යි.