2024 ඔක්තෝබර් 08, පෙ.ව. 12:03
රූකාන්ත – චන්ද්‍රලේඛා යනු ශ්‍රී ලාංකේය කලා කෙත පෝෂණය කළ තරු යුවළකි. ඔවුන් පිළිබඳව නොදන්නා, ඔවුන්ගේ ගීතයක් අසා නැති, මුමුණා නැති කෙනෙක් නැති තරම් ය.
ඔවුන් බිහිකළ පිරිස මෙන්ම ඔවුන්ගේ අඩිපාරේ ගිය පිරිස ද බොහෝය. ඔවුන් දැමූ ශක්තිමත් අඩිතාලම මත ගොඩනැඟුණු ඊළඟ සංගීත පරම්පරාව ද අද සම්මාන පිට සම්මාන ලබමින් දෙස් විදෙස් ඇගැයීමට පාත්රවීම ලාංකේය අපට ආඩම්බරය ගෙන දෙන්නකි.
ඔස්ට්‍රේලියානූ වික්ටෝරියා පාර්ලිමේන්තුව පසුගිය දා රූකාන්ත – චන්ද්‍රලේඛා පවුලම සම්මානයෙන් ඇගැයීමට පාත්‍ර කළේ ඔවුන් කලාව උදෙසා මෙන්ම ඔස්ට්‍රේලියාව වෙත දැකවූ දායකත්වය සැලකිල්ලට ලක්කරමිනි. එවන් ගෞරවයක් ලද පළමු ශ්‍රී ලාංකේය පවුල වීමේ නිහතමානීත්වය පෙරදැරිව චන්ද්‍රලේඛා පෙරේරා පුවත්පතක් සමඟ කතාබහට එක් වූවාය.
ශ්‍රී ලාංකේය සංගීත කලාව තුළ අනන්‍යතාවක් ගොඩනඟාගත් ඔබ දෙපළට පසුගිය දා ඔස්ට්‍රේලියානූ පාර්ලිමේන්තුවෙන් විශේෂ සම්මානයක් හිමිවුණා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඒක ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුවෙන් අපේ පවුලටම ලැබුණු සම්මානයක්. ඔවුන් මුල ඉඳන්ම අපිව ජජ් කරලා තිබුණා. අපි ඔස්ට්‍රේලියාවත් එක්ක කලා කටයුතුවලට සම්බන්ධ වෙන වාර ගණනත් සැලකිල්ලට ගෙන තිබුණා. ගොඩක් සැරයක් අපි ශ්‍රී ලංකන් කොමියුනිටි එකත් එක්ක වැඩ කරනව දැකලා ඒක අගය කිරීමක් විදිහට තමයි මේ සම්මානය අපේ පවුලට ලබාදෙන්න තීරණය කරලා තියෙන්නේ. 7 Zone Entertainment කියන ඔස්ට්‍රේලියානු කම්පැනි එක හරහා තමයි ඔවුන් අපිව සම්බන්ධ කරගත්තේ. පසුගිය දා ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු අපේ ෂෝ එක සංවිධානය කළෙත් ඔවුන්. ඒ සඳහා මූලික වෙලා වැඩකටයුතු කළේ අපේ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන්. ඒක ලොකු සෙනඟක් සම්බන්ධ වුණු අති දැවැන්ත ෂෝ එකක්. ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ප්‍රසංග පවත්වන හෝල් එකක පැවැත්වුණෙත්. ඒ වගේ දැවැන්ත ශ්‍රී ලංකා ප්‍රසංගයක් පැවැත්වුණු පළමු අවස්ථාවත් ඒක. ඒ දිහාත් බලලා මේ සම්මානය අපේ පවුලට හිමිවිය යුතුයි කියලා ඔවුන් තීරණය කරල තිබුණා. අමෙරිකාවෙ සිටිද්දි වුණත් අපි නිතරම ඔස්ට්‍රේලියාවට ආවා ගියා. ඒ වගේ රටකින් එවන් ඇගැයීමක් ලැබීම ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.
අමෙරිකාවෙත් ඔබ ගොඩක් කාලයක් හිටියා නේද?
ඔව්. අපි අමෙරිකාවේ අවුරුදු 15ක් හිටියා. එහේ හිටියත් අපි සංගීතයෙන් ඈත් වුණේ නෑ. දිගටම සංගීත කටයුතුවල නිරත වුණා. මෙහෙන් ගිය ගොඩක් අය එහේ පදිංචි වෙලා ඉන්නවා. රූකාන්ත එයාලත් එක්ක එකතු වෙලා බෑන්ඩ් එකක් හදාගෙන එහේ ප්ලේ කළා. යුරෝපයෙත් ප්ලේ කළා.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 19, ප.ව. 3:20
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
19-12-24
19-12-24
18-12-24
18-12-24
17-12-24
17-12-24
17-12-24
17-12-24