hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 09, ප.ව. 3:18



ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදී ඇති හිමිකම් කප්පාදු කිරීමේ රජයේ අරමුණක් පිළිබඳව මාධ්‍යවල අසත්‍ය තොරතුරු පැතිර යන බව මට දැනගන්නට ලැබුණ බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා සදහන් කරයි.

එනිසා කිසිදු අවස්ථාවක ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදී ඇති හිමිකම් කප්පාදු කිරීමට වත්මන් රජයට කිසිදු අදහසක් නොමැති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා සදහන් කරයි.

ආරක්ෂක ලේකම්වරයා ලෙස වැඩභාර ගැනීමෙන් අනතුරුව එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ සිදුකල පළමු නිල සංචාරයේදී ගුවන් හමුදා සාමාජිකයින් අමතමින් හේ බව සදහන් කරයි.

මෙම සංචාරය අතරතුර ආරක්ෂක ලේකම්වරයා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ගුවන් හමුදා මූලස්ථානයේ අංශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: