hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 14, පෙ.ව. 1:42



ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පළමු T20 තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් විය.

දඹුල්ලේදී පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් 

පන්දුවට පහරදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 179ක් රැස්කිරීමට වුණා.

කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක් සහ නායක

චරිත් අසලංක ලකුණු 59ක් ලබා ගත්තේය.

ලකුණු 180ක ඉලක්කය පන්දුවාර 19.1කදී කඩුලු 5ක් දැවී පසුකර යාමට කොදෙව් කණ්ඩායමට හැකිවිය.

බ්‍රෙන්ඩන් කිං පන්දු 33කින් ලකුණු 63ක් රැස්කළේය.

එවින් ලුවිස් ලකුණු 50ක්රැස්කළා. 

මතීෂ පතිරණ ලකුණු 27කට කඩුලු 2ක් දවාගත්තේය.

මෙම ජයත් සමග තරග 3කින් යුත් තරගාවලිය අතර 1-0ක් ලෙස කොදෙව් කණ්ඩායම පෙරමුණ ගත්තේය.

Example Image