hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:02



දියණියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නා වන සුරූපී හංසිනී භාග්‍යා, 30 හැවිරිදි වියේ පසුවුණු තරුණියක්.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරියක් ලෙස සේවය කළ ඇය උපාධිධාරිණියක් ද වෙනවා.

රාජකාරිය නිමාකොට හංසිනී පසුගිය 11 වැනිදා පස්වරු 6.40ට පමණ තම නවාතැන වෙත පැමිණුණේ සුපුරුදු ලෙසින්.

ඇය තවත් මිතුරියක් සමග නවාතැන් ගෙන සිටියේ බත්තරමුල්ල ප්‍රදේශයේයි.

ඒ බත්තරමුල්ල ප්‍රධාන වීදිය සම්පත් පෙදෙසේ පිහිටි දෙමහල් නිවසක ඉහළ මාලේයි.

කවුරුත් නොසිතූ මොහොතක සුරූපී ඇය නවාතැන්ගෙන සිටි දෙමහල් නිවසේ උඩතට්ටුවෙන් වැටී තිබුණා.

මෙම තරුණිය සමඟ සිටින මිතුරිය නාන කාමරයේ සිටින විට මෙම තරුණිය කුස්සියේ රාත්‍රී ආහාර පිළියෙල කරමින් සිට ඇති අතර එක්වරම ඇය කෑ ගසන හඬ නාන කාමරයේ සිටි තරුණියට ඇසී ඇති බවයි වාර්තා වෙන්නේ.

විගසින් එම මිතුරිය පැමිණ විට දැක ඇත්තේ තම මිතුරිය පහළට ඇද වැටී ඇති ආකාරයයි.

වහාම ඇය කොළඹ රෝහලට ඇතුළත් කළත් දැඩිසත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටි ඇය අවාසනාවන්ත ලෙසින් ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ නවාතැන්පළ විමර්ශනය කිරීමේදී එහි ආරක්ෂිත වැටක් හෝ බිත්තියක් නොතිබූ බවයි සඳහන් වන්නේ.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: