hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 18, පෙ.ව. 9:28



අද (18) අළුයම කොලොන්නාව සිට මඩකලපුව දක්වා ධාවනය වන අංක 6493 දරණ තෙල් ප්‍රවාහන සේවා දුම්රිය ගල්ඔය සහ හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයන් අතර මින්නේරිය දුම්රිය ස්ථානය ආසන්යේදී වන අලි සිව්දෙනෙකු ගැටී සිදුවූ අනතුරක් හේතුවෙන් දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇත.

එම අනතුරින් වනඅලියෙකු මිය ගොස් තවත් වනඅලි කිහිප දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර ඉන්ධන ප්‍රවාහන තෙල් ටැංකි පෙරලීමෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව ඇති බවද වාර්තා වෙයි.

අද උදෑසන කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය සහ මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රියන් දෙක අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුනේ මඩකලපුව කොළඹ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් ඇණහිටීම හේතුවෙනි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: