hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 21, පෙ.ව. 1:20



T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නවසීලන්තය සමත් විය.

ඒ අවසන් තරගයේදීදකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 32කින් පරාජය කරමින්‍.

කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්තය ජයග්‍රහණය කළ පළමු T20 ලෝක කුසලානය ලෙස මෙය වාර්තා අතරට එක්විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 158ක් ලබා ගත්තේය.

පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 126ක් පමණි.