2024 ඔක්තෝබර් 22, පෙ.ව. 12:13
මධ්‍යම පළාතේ දෙවන පාසල් වාර විභාගයට අදාළ 08 සහ 09 ශ්‍රේණි සඳහා දෙමළ භාෂා (දෙවන බස) විෂයට අදාළව එකම ප්‍රශ්න පත්‍රය ලබාදී ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.
ඉන් සිසුන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි, එම සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලීන් මහතා අවධාරණය කළේ.
මෙම සිදුවීම සුළුකොට තැකීමට නොහැකි බවත් මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මැදිහත්ව විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවත් ඔහු කියා සිටියා.
අදාළ ප්රශ්නය පත්‍ර සැසඳිමේදී ඒවාහි ශ්‍රේණිය පමණක් 08 හා 09 ලෙස සඳහන්ව තිබෙන අතර එහි ප්‍රශ්න සියල්ල සමාන බවයි ජෝෂප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ.
මධ්‍ය පළාතේ අධ්‍යාපනය විශාල ලෙස කඩා වැටීමට හේතුව මෙවැනි පරිපාලනයම දුර්වලතා බව ද ඔහු සඳහන් කළා.
යම්කිසි වරදකින් එලෙස 08 වැනි ශ්‍රේණියට අදාළ ප්‍රශ්න පත්‍රයම 09 වැනි ශ්‍රේණියේ දරුවන්ට ද ලබාදී ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිහාල් අලහකෝන් මහතා තහවුරු කළ බවයි අප වාර්තාකරු කියා සිටියේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බවත් 09 වැනි ශ්‍රේණියේ දරුවන්ට අදාළ දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රය යළි ලබා දීමට සැලසුම් කරන බවත් අධ්යක්ෂවරයා ප්‍රකාශ කර තිබෙනවා.
2024 දෙසැම්බර් 26, ප.ව. 12:42
2024 දෙසැම්බර් 26, පෙ.ව. 9:19
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:06
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24