hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:04



පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් දහසකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට මියගොස් ඇතිබව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවසීය.

රෝගය වැළඳී ඇති ඌරන් සංඛ්‍යාව මෙතෙක් ගණනය කර නොමැත.

උතුරු පළාත හැර අනෙකුත් සියලුම පළාත්වල ඌරන්ට වෛරස් රෝගය වැළඳී තිබේ.

රෝගය වැළඳී නැති සතුන්ට එන්නත් ලබාදීම මේවන විට ආරම්භ කර තිබේ. වෛරස් රෝගය වැලදි මිය ගිය ඌරන්ගේ මස් අහාරයට ගැනීම නුසුදුසුය. පවතින තත්ත්වය පාලනය සම්බන්ධයෙන් ඌරු ගොවිපල හිමියන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වු බව පැවසුවාය. එහිදි ගත යුතු ඉදිරි පියවර පිළිබදව සාකච්ඡා කළ බව හෙමාලි කොතලාවල මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: