hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 27, ප.ව. 1:16



ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

කෙසේවෙතත් තරග තුනකින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය.

පල්ලේකැලේ පැවැත්වුණු තරගයට වර්ෂාව බාධා එල්ල වීම නිසා එක් ඉනිමක් පන්දුවාර 23කට සීමා කරමිනි.

යළි පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 23දී කඩුලු 3ක් දැවී ලකුණු 156ක් රැස් කිරීමට සමත්වුණා. 

පැතුම් නිස්සංක ලකුණු 56ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් පන්දු 22කදී නොදැවී ලකුණු 56ක් රැස් කළේය.

ඒ අනුව ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 23දී හිමි වූ ඉලක්කය ලකුණු 195ක්.

කොදෙව් කණ්ඩායම පන්දු ඕවර 22කදී ජයග්‍රහණය ට අවශ්‍ය ලකුණු 196 ලබාගත්තේ කඩුලු දෙකක් පමණක් දැවීයාමෙනි.

එවින් ලුවිස් නොදැවී ලකුණු 102ක් සහ ශර්ෆේන් රදර්ෆඩ් නොදැවී ලකුණු 50ක් ලබාගත්හ.