2024 ඔක්තෝබර් 31, පෙ.ව. 10:56
2024 අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වැනිදා පැවැත්වෙන බවත්,එය දෙසැම්බර් 20 වැනිදා අවසන් වන බවත් විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.
එමෙන්ම 2024 උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙස විභාග කොමසාරිස්වරයා උසස් පෙළ අපේක්ෂකයින්ට දැනුම් දෙනවා.
මේ අතර විභාගය පැවැත්වෙන දින වකවාණුව පිළිබඳව තීරණය කරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේ දී බව පැවසු විභාග කොමසාරිස්වරයා උසස් පෙළ විභාගය පිළිබඳව සමාජ මාධ්‍ය තුළින් විශාල වශයෙන් වැරදි ප්‍රචාරයන් සිදුකරන බව පෙනී යන බව ද මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.
එමෙන්ම සෑම විටම විභාග දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙසත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්රචාරයන්ට නොරැවටෙන ලෙසත් විභාග කොමසාරිස්වරයා සිසුන්ගෙන් ඉල්ලීමක් කරන අතරම උසස් පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර ඉතා ඉක්මනින් අපේක්ෂකයින් අතට පත්කිරීමට නියමිත බවත් ඔහු කියා සිටියා.
මේ අතර තමාට හා විවිධ ආයතන වෙත සිසුන් කිහිපදෙනෙකුගෙන් විභාග කල්දමන ලෙසට ඉල්ලීම් ලැබෙමින් පවතින බව ද පැවසු විභාග කොමසාරිස්වරයා, උසස් පෙළ විභාගයේ දින තීරණය කරනු ලැබුවේ සම්පූර්ණ විෂය ආවරණ කාලය පිළිබඳ අවධානය යොමුකර බවයි.
එමෙන්ම පසුගිය කාල සීමාව පුරා රට මුහුණදුන් නොයෙක් අර්බුද හේතුවෙන් විභාග ඉතා අක්‍රමවත් ලෙස පැවැත්වීමට සිදුවු බවත් පැවසු විභාග කොමසාරිස්වරයා 2025 අවසන් වී 2026 වසර ආරම්භයේ දී විභාග නිසි පරිදි පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
2024 නොවැම්බර් 01, පෙ.ව. 8:28
2024 නොවැම්බර් 01, පෙ.ව. 12:09
2024 නොවැම්බර් 01, පෙ.ව. 12:04
2024 නොවැම්බර් 01, පෙ.ව. 12:02
2024 නොවැම්බර් 01, පෙ.ව. 12:02
01-11-24
01-11-24
01-11-24
01-11-24
01-11-24
01-11-24
01-11-24
01-11-24
01-11-24
01-11-24
01-11-24
01-11-24
01-11-24
01-11-24
01-11-24
01-11-24
31-10-24
31-10-24
31-10-24
31-10-24
31-10-24
31-10-24
31-10-24
31-10-24