2024 නොවැම්බර් 01, පෙ.ව. 12:02
‘ජනතා පරමාධිපත්‍ය’ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‘දන්න ව්‍යවස්ථාව කුමක්ද?’ යන්න අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රශ්න කර සිටියා.
පසුගියදා හිටපු ජනාධිපතිවරයා විසින් ‘ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියට අවබෝධයක් නොමැති බවට’ පවසමින් සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රමාත්‍යවරිය මේ බව කියා සිටියා.
ඒ, කැස්බෑවේ පැවති ජනහමුවකට එක්වෙමින්.
ජනතාව ප්‍රතික්ෂේප කළ රනිල් වික්‍රමසිංහ මහතා තමාට ‘ව්‍යවස්ථාව’ පිළිබඳ කියා දීමට සැරසීම හාස්‍යයට කරුණක් බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ.
මේ එහිදී වැඩිදුරටත් අදහස් පළකල අග්‍රාමාත්‍ය ආචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය,
“ජතතාව වෙනස් වෙලා.. ජනතාව රනිල් වික්රමසිංහව ප්‍රතික්ෂේප කරලා.. හැබැයි ලොකුම විහිළුව රනිල් වික්‍රමසිංහට පුලුවන්ලු ව්‍යවස්ථාව ගැන කියලා දෙන්න.. ව්‍යවස්ථාව පිළිබඳ හරියට දන්න කෙනෙක් මැතිවරණ කල් දාන්නේ නැහැ.. ව්‍යවස්ථාවේ මූලිද පදනම දන්න කෙනෙක් ව්‍යවස්ථාවේ තීන්දු තීරණවලට පයින් ගහන්නේ නැහැ.. ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් බලපෑම් කරන්නේ නැහැ.. අදිකරණයට බලපෑම් කරන්නේ නැහැ තමන්ට ඕන ආකාරයේ තීන්දු තීරණ දුන්නේ නැහැ කියලා.. ඔය මූලික ටික දැනගෙන ඉන්න ඕන මට ව්‍යවස්ථාව ගැන පාඩම් උගන්නන්න කලින්..”
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:04
27-12-24
27-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24