2024 නොවැම්‍බර් 08, පෙ.ව. 12:07
            
වත්මන් ආණ්ඩුව යටතේද මරණ දඩුවම හිමිව සිටින දුමින්ද සිල්වා නැමැත්තා දීර්ඝ කාලීනව රෝහල් ගතව සිටින බව සමගි ජනබලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.
දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ සුවපහසුවෙන් සිටින බවට බන්ධනාගාරයේ සිටින කාන්තා රැදවියන්ම තමන්ට අවස්ථා කිහිපයකදී පැවසූ බවද ඇය කියා සිටියා.
එහිදී ඔහු ටැබ් යන්ත්‍ර මෙන්ම ජංගම දුරකතන භාවිතා කරන අයුරු කාන්තා රැදවියන් දැක ඇති බව තමන්ද රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී ඔවුන් පැවසූ බව මෙම සාකච්ඡාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සදහන් කරනවා.
ඔහුට ජනාධිපති සමාව ලබැගැනීම සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන්ද ඉල්ලීම් කෙරුණු බවත් තමන් මැදිහත්වී එය වලක්වා ගත් බවත් ප්‍රේමචන්ද්‍ර මහත්මිය පෙන්වා දෙනවා.
පසුගිය ජනාධිපතිවරණයට පෙර අනුර කුමාර දිසානායක මහතාද මිනීමැරුම්වලට සම්බන්ධ පුද්ගලයන් හට ජනාධිපති සමාව කිසිසේත් ලබානොදෙන බවට දැඩිව ප්‍රකාශ කළ බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.
දුමින්ද සිල්වා මහතාට සෘජුව සම්බන්ධ රූපවාහිනී නාලිකාවක් පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වුවද ඔහුට කිසිසේත් ජනාධිපති සමාවක් ලබානොදෙන බවට සජිත් ප්‍රේමදාස මහතා තමන්ට සහතික වූ බව ඇය පෙන්වා දෙනවා.
තමන්ගේ පියාව ඝාතනය වූ අවස්ථාවේදී තමන්ගේ නැගනිය විදින ලද මානසික පීඩනය තමන් හොදින් දන්නා බවත් එවැනි පුද්ගලයන්ට ජනාධිපති සමාව ලබාදීම වැනි තිරිසන් ක්‍රියාවක් තමන් කිසිලෙසකින්වත් සිදු නොකරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බව ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙම සාකච්ඡාවේදී සදහන් කළා.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25