hit counter

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා

2024 නොවැම්‍බර් 11, පෙ.ව. 10:51



දඹුල්ලේ දී පැවැති දෙවැනි හා අවසන් T20 ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 5ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී ලකුණු 108ක් රැස්කිරීමට සමත් විය.

විල් යංග් ලකුණු 30ක් ද,ජෝෂ් ක්ලක්සන් ලකුණු 24ක් ද ලබා ගත්තේය.

වනිඳු හසරංග ලකුණු 17ට කඩුලු 4ක් ද,මතීෂ පතිරණ ලකුණු 11කට කඩුලු 3ක් ද, නුවන් තුෂාර ලකුණු 22කට කඩුලු 2ක් ද දවා ගත්තේය.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 103ක් පමණි.

මෙම තරගයේ ලොකී ෆර්ගසන් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් විය.

ඊට හසුවුණේ කුසල් පෙරේරා ,කමිඳු මෙන්ඩිස් සහ චරිත් අසලංකයි.

පැතුම් නිස්සංක ලකුණු 52ක් ලබා ගත්තේය.

ඒ අනුව තරග 2-0ක තරගාවලි ජයක් තහවුරු කරගැනීමට අවස්ථාව හිමිව තිබූ ශ්‍රී ලංකාවට, තරග 1-1ක් ලෙස අවසන් කරගැනීමට සිදුවිය.