hit counter

2025 ජූනි මස 12 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 11, පෙ.ව. 11:03



නවසීලන්තය සමග පැවැති දෙවැනි T20 තරගය අතරවාරයේදී ආබාධයකට ලක් වූ වනිඳු හසරංගට නවසීලන්තය සමග එක්දින තරගාවලිය අහිමිව ගොස් තිබේ.

ඊයේ පැවැති දෙවැනි T20 තරගයේදී ලකුණු 17කට කඩුලු 4ක් දවා ගත් හසරංග පාදයේ ආබාධයකට ලක් විය.

වනිඳු හසරංගට එක්දින තරගාවලිය අහිමිව යන බව නායක චරිත් අසලංක මාධ්‍ය හමුවේදී තහවුරු කළාය.