2022 ජූලි 03, ප.ව. 3:32
දකුණු පලාතේ ප්රදේශ කිහිපයකින් මුහුදු රළ ගොඩ ගසා ඇතැයි වාර්තා වනවා.
මේ අතර දෙහිවල, අම්බලන්ගොඩ, තෙල්වත්ත ප්රදේශවලත් මුහුදු රළ ගොඩගසා තිබූ අතර ගාල්ල – කොළඹ ප්රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලටද මේ හේතුවෙන් බාධා පැමිණ තිබුණා.
මාතර මුහුදේ දිය නෑමට ගිය සරසවි සිසුවෙකු අතුරුදන් වී ඇති අතර උස්වැටකෙයියවේදී තරුණියක් මුහුදට බිළි වී තිබෙනවා.
මියගිය තරුණිය උස්වැටකෙයියාව ප්රදේශයේ හෝටලයක පැවති උත්සවයකට සහභාගී වීමෙන් පසු අසල පිහිටි උස්වැටකෙයියාව මුහුදු තිරයේ රළ පෑගීමට ගොස් ඇති අතර එහිදීයි ඇය රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇත්තේ.
පසුව යළි රළ පහරකින් ඇය වෙරළ තීරයට ගොඩගසා තිබූ අතර කඩිනමින් රෝහල් ගත කළද ඇයගේ ජීවිතය බේරා ගැනීමට හැකි වී නැහැ.
මෙලෙස මියගොස් ඇත්තේ කඩවත ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණියක්.
.
තරුණයා අනතුරට ලක්ව ඇත්තේ මාතර ප්රදේශයේ සීතගල්ල කොටසේ දිය නෑමට ගිය අවස්ථාවේදීයි.
ඔහු රුහුණ සරසවියේ සිසුවෙකු වන අතර තවත් සිසුන් 17 දෙනෙකු සමග එම ස්ථානයේ දිය නෑමට ගිය අවස්ථාවේදීයි මෙලෙස රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇත්තේ.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05