2022 ජූලි 03, ප.ව. 4:21
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව හැමෝම දන්නා කියන කාරණයක්.
අනතුරින් ජැක්සන් ඇන්තනී මහතාගේ ගෙලේ අස්ථි දෙකකට සහ පෙනහළුවලට හානි සිදුව ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
ඒ වගේම මේ වන විට ගොඩක් දෙනෙක් ඔහුට ඉක්මන් සුව පතන්න අමතක කරන්නේ නැහැ.
ඔහුගේ දේශපාලන මතය ගොඩක් දෙනෙක් මොන දේ පැවසුවත් ඔහුගේ වත්මන් තත්වය ගැන ජැක්සන් ඇන්තනි මහතාගේ එකම දියණිය සිය මුහුණු පොතේ සටහනක් එකතු කරන්න අමතක කළේ නැහැ.
අප්පච්චි, පොඩි බාප්පා සහ ඉරේශ් තවමත් ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබමින් රෝහල්ගතව ය.
ඔවුන් ගැන සොයා බැලූ සුව පැතූ හැමට ස්තූතියි.
තම තම ඇදහිල්ල ප්‍රකාර ඔවුන් වෙනුවෙන් නා නා පුද පූජා කරමින් සෙත් පතන සුමිනිසුන්ට ස්තූතියි..
නොමිනිසුන් ගැන කිසිත් නොකියමි. නමුත් දැනගතිමි.
කිසිඳු දියණියකට මට මෙන් නොදැනේවා!!
“දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය යන තුන ය. මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමයයි”
2025 සැප්තැම්බර් 02, පෙ.ව. 12:04
2025 සැප්තැම්බර් 02, පෙ.ව. 12:02
2025 අගෝස්තු 31, පෙ.ව. 12:08
2025 අගෝස්තු 31, පෙ.ව. 12:03
2025 අගෝස්තු 30, පෙ.ව. 12:06