hit counter

2026 ජූලි මස 28 වන අඟහරුවාදා

2022 අප්‍රේල් 20, ප.ව. 2:17



තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් මින් ඉදිරියට ආණ්ඩුවට සහාය දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසීම් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළා.

ඒ තමන් ඇතුළු ආණ්ඩුවට සහය දුන් මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඉවත් වන බවයි.

ඉෂාක් රහුමාන්, එම්. එස්. තවුෆික් සහ ෆයිසාල් කාසිම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම තීරණය ගෙන තිබෙනවා.

ඔවුන් තිදෙනා සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත්ව පසුව ආණ්ඩු පක්ෂයට සහාය දැක්වූ මන්ත්‍රීවරුන්.