2024 නොවැම්බර් 24, පෙ.ව. 12:08
වේයන්ගොඩ – වඳුරව ප්‍රදේශයේ, ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පොළොව යට ඇතැයි කියන නිධානයක් සොයා අදත් කැණීම් කටයුතු සිදු කෙරෙනවා.
ඒ, අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් නියෝගයකට අනුවයි.
අදාළ කැණීම් කටයුතු ඊයේ දිනයේද සිදුකළ අතර, එය අතරමග නතර කර දැමුණේ පස්වරුවේ පැවති වැසි තත්ත්වය හමුවේයි.
නිධානයක් ඇති බව පවසමින් වසර ගණනාවක සිට අවස්ථා කිහිපයකදීම අදාළ ස්ථානය නිධන් හොරුන් විසින් හාරා ඇති අතර, මේ ආකාරයෙන් කැනීම් සිදුකළ චීවරධාරියෙකු ඇතුළු නව දෙනකු මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන බවයි පොලිසිය සදහන් කළේ.
මීට පෙරද අදාළ ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකළ පරීක්ෂණ කටයුතුවලදී මෙහි නිධානයක් නොමැති බවට හෙළිව තිබුණා.
කෙසේ වෙතත්, පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ කිසියම් දෙයක් පොළොව අභ්‍යන්තරයේ ඇති බවටයි.
අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ආණ්ඩුවේ රස පරීක්ෂක කාර්යාලය, මීරිගම ප්‍රාදේශීය, ලේකම් කාර්යාලය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන එක්ව මෙම කැණීම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.
ඒ අනුව, මේ වන විට එහි අඩි 20ක ගැඹුරකට කැණීම් සිදුකර ඇති අතර, විශාල විශ්කම්භයකින් යුත් ගලක් එහිදී මතුව තිබුණා.
2024 නොවැම්බර් 23, ප.ව. 4:10
2024 නොවැම්බර් 23, පෙ.ව. 12:02
2024 නොවැම්බර් 22, පෙ.ව. 12:07
2024 නොවැම්බර් 22, පෙ.ව. 12:02
2024 නොවැම්බර් 22, පෙ.ව. 12:01
23-11-24
23-11-24
23-11-24
23-11-24
23-11-24
23-11-24
23-11-24
23-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24