2022 ජූලි 04, ප.ව. 12:59
ඊයේ සවස 2.30ට පමණ ඇඹිලිපිටිය 100 කණුව ඉන්ධන පිරවුම්හලේදී ඇති වූ සිද්ධියකින් අනතුරුව කදුරුගස්ආර ඉංජිනේරු බලකයට අයත් හමුදා නිළධාරියෙකු කැපුම් තුවාල ලබා ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුලත් කර ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
මේ වන විට මේ සම්බන්ධයෙන් cctv කැමරා පරික්ෂා කරමින් සිටින බවද වාර්තා වෙනවා.
ඉන්ධන ලබා ගැනීමේ අරමුණින් පෝලිමේ සිටි පිරිස එකවරම ඉන්ධන පිරවුම්හල වෙත කඩාවැදී තිබෙනවා.
එහිදී ආරක්‍ෂාවට සිටි යුදහමුදා සෙබලූන් කඩා වැදුණු පිරිසට මැදිවී තිබෙනවා.
ඒ අවස්ථාවේ යුදහමුදා සෙබළාගේ අත කැපී ඇති බවද පොලීසිය සඳහන් කරයි.
සෙනග අතර සිටි පුද්ගලයකු තමන්ගේ අත කැපූ බව සෙබළා රෝහලේ දී පොලිසියට පවසා තිබෙනවා.
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:02
2025 අගෝස්තු 31, පෙ.ව. 12:08
2025 අගෝස්තු 31, පෙ.ව. 12:03
2025 අගෝස්තු 30, පෙ.ව. 12:06