2024 දෙසැම්‍බර් 02, පෙ.ව. 10:54
ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 131ක් ලෙස පරාජයකට ලක්කරමින් ආසියානු කුසලාන වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
සාජාහිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 243ක් රැස්කිරීමට සමත් වුණා.
ශාරුජන් ෂම්මුගනාදන් ලකුණු 102ක් රැස්කළේය.
පුලිඳු ලකුණු 53යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 28.2දී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 112ක් පමණි.
ප්‍රවීන් මනීෂ ලකුණු 16කට කඩුලු 3ක් දවාගත්තේය.
මීට අමතරව නිව්ටන් රන්ජිත්කුමාර් (2/28), විරාන් චමුදිත (2/14) සහ විහස් තෙව්මික (2/10) කඩුලු 2 බැගින් දවාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් පූර්ව වටයට පිවිසුණා.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19