hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 06, ප.ව. 1:26



සංචරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය අවසන් වන විට දකුණු අප්‍රිකාව කඩුලු 7කට ලකුණු 269ක් ලබා සිටියේය.

ටෝනි ඩී සෝසි ලකුණු 101ක් ද,නායක ටෙම්බා බවුමා ලකුණු 78ක් ද ලබා ගත්තේය.

Kyle Verreynne නොදැවී ලකුණු 48ක් ලබා සිටියි.

ලහිරු කුමාර ලකුණු 54කට කඩුලු 3ක් දවා ගනිමින් ජාත්‍යන්තර ටෙස්ට් පිටියේදී ඔහු කඩුලු 100යේ සීමාවට පැමිණියේය.

මීට අමතරව අසිත ප්‍රනාන්දු ලකුණු 67කට කඩුලු 2ක් දවා ගත්තේය.

තරගයේ දෙවන දිනය තව සුළු මොහොතකින් ආරම්භ වෙයි.