2024 දෙසැම්‍බර් 07, ප.ව. 2:44
ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ ලකුණු 8000 සීමාවට පැමිණිමට ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.
ඒ දැන් දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවැනි ක්‍රිකට් තරගයේදීය.
මැතිව්ස් මෙම තරගයේදී ලකුණු 44ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කර ඇත්තේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන පමණි.

මෙම තරගයේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට කඩුලු 5කට ලකුණු 278ක් ලබා සිටි.
දකුණු අප්‍රිකා කණ්ඩායම ප්‍රථම ඉනිමට ලකුණු 358ක් ලබා ගත්තේය.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19