hit counter

2026 ජූනි මස 24 වන බදාදා

2024 දෙසැම්‍බර් 13, පෙ.ව. 8:35



මහනුවර, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘ලංකා ටී10 සුපර් ලීග්‘ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ගෝල් මාවල්ස් පිලේ හිමිකරු වන ඉන්දීය ජාතිකයෙක් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක්ට තරග මුදලට පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධියකට අදාළව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත්තාය.

ඒ පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව අයි.සී.සීට සහ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට අදාළ කොදෙව් ක්‍රීඩකයා විසින් කළ පැමිණිල්ලකට අනුවය.