2024 දෙසැම්‍බර් 14, ප.ව. 5:38
ජාතික ඔලිම්පික් කමිටු විශේෂ මහ සභා රැස්වීමක් ඊයේ (13)පැවති අතර එහිදී තීරණය කළේ ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය 2025 වසරේ මාර්තු මස 31වනදා පැවැත්වීමටය.
මේවන විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් සහ ආසියානු ඔලිම්පික් කමිටුවෙන් මෙරට ඔලිම්පික් කමිටුවට ලබාදෙන අරමුදල් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
කෙසේවෙතත් ඔලිම්පික් ශිෂ්‍යත්ව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුකරන සෘජු ගෙවීම් එලෙසම ක්‍රියාත්මක කෙරෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ජාතික ඔලිම්පික් කමිටුව වෙත ඊමේල් පණිවුඩයකින් දන්වා ඇත.
කෙසේවෙතත් කමිටුවේ වත්මන් නිල කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2025 වසරේදීය.
ඊයේ රැස්වූ විශේෂ මහ සභා රැස්වීමේදී ඉක්මනින් නිලවරණයක් පැවැත්වීමේ යෝජනාව තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වී තිබේ.
2026 ජූනි 24, පෙ.ව. 7:35
2026 ජූනි 23, ප.ව. 9:23
2026 ජූනි 21, ප.ව. 10:40
2026 ජූනි 21, ප.ව. 10:17
2026 ජූනි 20, පෙ.ව. 1:40