hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2022 ජූලි 05, පෙ.ව. 4:46



අද (05) දිනයේ විදුලි කප්පාදුව සිදු වන කාලසටහන මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන සඳහන් වී තිබෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කාණ්ඩ සඳහා දිවා කාලයේ පැයයි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ දී පැයයි විනාඩි 20ක් කප්පාදු කිරීමට නියමිතයි.

CC කාණ්ඩ සඳහා පෙ.ව. 6.00 සිට 8.30 දක්වා පැය 2යි විනාඩි 30ක් විදුලි කප්පාදුව සිදු කරන අතර M, N, O, X, Y, Z කාණ්ඩ සඳහා පෙ.ව. 5.30 සිට 8.30 දක්වා පැය 3ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනවා.