hit counter

2025 දෙසැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 29, ප.ව. 6:44



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ ‘වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් නිර්දේශ කර ඇත.

ඔවුන් දෙදෙනාට අමතරව මෙම සම්මානය සඳහා නිර්දේශ කර ඇති අනෙක් ක්‍රීඩකයින් වන්නේ ඇෆ්ගනිස්තානයේ අස්මතුල්ලාහ් ඔමර්සායි හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෂර්ෆාන් රදර්ෆර්ඩ්ය.

මේ අතර චමරි අතපත්තු 2024 වසරේ ‘වසරේ එක්දින’ හා ‘වසරේ T20’ ක්‍රීඩිකාව යන සම්මාන දෙකටම ICCය විසින් නිර්දේශ කර තිබේ.

කමිඳු මෙන්ඩිස් වසරේ නැගි එන ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී තිබෙනවා.