2022 ජූලි 05, පෙ.ව. 10:06
The Voice Teens Sri Lanka වැඩසටහන ගැන නම් ඔබට අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැ. එහි අවසන් මහ රාත්‍රිය ඉරිදා විකාශය වුණා.
එහිදී අවසන් මහා තරඟය සඳහා තරගකරුවන් 4 දෙනෙක් තරඟ වැදුණා.
අභිෂේකාගේ කණ්ඩායමෙන් ප්‍රනිර්ශා ත්‍යාගරාජා, රයිනිගේ කණ්ඩායමෙන් රසාල් තේමින්ද, ළහිරුගේ කණ්ඩායමෙන් සසිඳු රවීන්, සංඛගේ කණ්ඩායමෙන් නවෝද්‍ය පෙරේරා තරඟ කළා.
එහිදී ප්‍රථම ස්ථානය හිමි කර ගත්තේ ප්‍රනිර්ශා ත්‍යාගරාජා.
එම තරඟයේදී අභිෂේකා විමලවීර සමඟ ප්‍රනිර්ශා ත්‍යාගරාජා අභිෂේකා ගායනා කරන “නිස්සාර” ගීතය ගායනා කළා.
ඒකට හැමෝගෙන්ම ලැබුනේ උණුසුම් ප්‍රතිචාර.
එහිදී සංඛ දිනෙත් මෙන්න මෙහෙම කතාවක් කියනවා.
“ප්‍රනිර්ශා කියන්නේ හැමදාම මේ ප්ලැට්ෆෝම් එකේ ගායනා කරන හැම සිංදුවක්ම යම්කිසි අර්ථයක් අතිරේක අර්ථයක් දෙන ළමයෙක්. මේ සිංදුව ඇතුළෙත් එහෙමයි. මේක ලේසියෙන් ගායනා කරන්න පුළුවන් ගීතයක් නෙවෙයි. අභිශේකාගේ තියෙන ලස්සන ඒ වගේම වෙනත් ආකාරයක නාද රටාවක් තියෙන ගීතයක්. හැබැයි ප්‍රනිර්ශා අර කියනවා වගේ කෝච් අභිෂේකා කොහොම හරි හොයා ගත්තා නිස්සාර ගීතය මෙහෙම කිව්වට කමක් නැහැ නේද? අභිෂේකාට වඩා හොඳට කියන්න පුළුවන් කෙනෙක්. ඒ කතවා ඇතුලේ පෙන්වන්නේ අභිෂේකා කියන්නේ හොඳ කෝච් කෙනෙක් කියන එක.”
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05