2025 ජනවාරි 09, පෙ.ව. 12:08
කෑගල්ල, ගොඩැල්ල මාවතේ පදිංචි විසි අට හැවිරිදි පෙර පාසල් ගුරුවරියක් තම විදේශගත සැමියා සමඟ වීඩියෝ ඇමතුමක් ගනිමින් සිටි අතරතුර විහිළුවක් කිරීමට ගොස් අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබේ.
මුල්ලේරියාව පොලිස් වාර්තා අනුව මියගිය අනුත්තරා සිරිමාන්න නම් මෙම තරුණ කාන්තාව වසර තුනකට පෙර විවාහ වී ඇති අතර, ඇගේ සැමියා දැනට විදේශයක රැකියාවක නියැලී සිටියි. ඇය තම මාපිය නිවසේ පදිංචිව සිටි අතර, සැමියාගේ සහයෝගයෙන් එම නිවස අසල නව නිවසක් ඉදිකර තිබේ.
පසුගිය සෙනසුරාදා දින සිදුවූ මෙම සිද්ධියට පෙර, ඇය නව නිවසට සුභ මොහොතින් පදිංචියට යාමට සූදානම් වෙමින් සිට ඇති අතර,එම අවස්ථාවට ඇගේ සැමියා ද ලංකාවට පැමිණීමට නියමිතව තිබිණි.
පොලිස් විමර්ශන වලින් හෙළිවන්නේ, අනුත්තරා තම කාමරයේ ඇඳක් මත පුටුවක් තබා, වහලයේ එල්ලූ තොණ්ඩුවක් ගෙලට දමාගෙන සැමියා සමඟ වීඩියෝ ඇමතුමක් ගනිමින් විහිළුවක් කිරීමට උත්සාහ කර ඇති බවය. මෙම අවස්ථාවේදී කලබලයට පත් සැමියා නිවසේ සිටි ඥාතීන්ට දැනුම් දී ඇතත්, ඔවුන් එම ස්ථානයට ළඟා වන විට පුටුව පෙරළී යාමෙන් ඇය ගෙල සිරවී මිය ගොස් තිබිණි.
මියගිය අනුත්තරා හිඹුටාන ප්‍රදේශයේ ළදරු පාසලක ගුරුවරියක ලෙස සේවය කර ඇති අතර, දියණියන් සිව්දෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූවාය. ඇය ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයක් වූ අතර, තම මව සමඟ නිතිපතා හේනවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ සිල් සමාදන් වීමට පුරුදුව සිට ඇත.
2025 ජූලි 03, පෙ.ව. 10:20
2025 ජූලි 03, පෙ.ව. 12:04
2025 ජූලි 03, පෙ.ව. 12:04
2025 ජූලි 02, පෙ.ව. 12:09
2025 ජූලි 02, පෙ.ව. 12:05
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25